A - Level

A - Level

Available Theaters

  • Family / Drama
2.7/5
  • Rate Now !

ඔවුන්ගේ ජීවිත තුළ ඇත්තේ එකම එක බලාපොරොත්තුවක් පමණි. ඒ අපොස උසස් පෙළ ඉහළින්ම සමත්වීමය. ඒ වෙනුවෙන් ඔවුහු බොහෝ කැප කිරීම් කරති. අනුත්තර, අශාන්, යොමාල් ඒ කණ්ඩායමය. අනුත්තර ඔවුන්ගේ නායකයාය. කෙටියෙන්ම කිවහොත් කණ්ඩායමේ බ්‍රයිටාය. මහත යොමාල් ඔවුන් අතරින් කෑම බීමේදී මුල්තැන ගනියි. කොච්චර කෑවත් බඩ නොපිරෙන ඔහුගේ බඩේ හිඟන්නකු ඇත්දැයි සැක සහිතය. අනුත්තරට සිටින්නේ මව පමණි. ඇයට අවශ්‍ය අනුත්තරව ඉගෙනීමෙන් ඉහළටම ගෙන ඒමටය. අනුත්තර ද මවගේ බලාපොරොත්තු ඉටු කිරීමට මහත් වූ උනන්දුවෙන් කටයුතු කරයි.

උසස් පෙළ පන්තියට අලුත් ශිෂ්‍යාවක් පැමිණෙයි. ඇය අහිංසාය. නමේ හැටියටම ඇය අවිහිංසකාවකි. අහිංසා කොළඹ ජීවත් වුව ද ගමේ පාසලට පැමිණීම ගැන ඇතැමෙකු සැක පළ කරති. කොළඹ පාසලකින් ඇයව නෙරපුවා යැයි සිතති. අනුත්තරගේ අවධානය අහිංසා වෙත යොමු වෙයි. ඇතැම් පිරිස් ඇයව කොන් කළ ද අනුත්තර එසේ නොකරයි. අහිංසා යම් කිසි දෙයක් හිතේ සඟවාගෙන සිටින වගක් පෙනෙයි. එනමුදු එය කුමක්දැයි කිසිවෙකුටත් නොකියයි.

අහිංසා නිතරම කොළඹ පැමිණෙයි. ඒ ඇගේ අක්කණ්ඩිය වූ පාරමීව බැලීමටය. පාරමීට සුරතල් දියණියක සිටියි. මේ දැරිය අහිංසාගේ මාමා දෙස බලන්නේ බියපත් වූ දෑසිනි. පවුලේ අයට මෙය යම් ප්‍රශ්නයක් වෙයි. කාට කොහොම කෙසේ වුව ද එතැන ඇති ගැටලුව ගැන අහිංසා හොඳින් දනියි. ඇය හිතේ සිර කරගෙන සිටින රහස වන්නේ ද එය වේ. මේ සියල්ල පෙරදැරිව අහිංසා සහ අනුත්තර තම පාසල් සමය සුන්දරව ගෙවති. එහෙත් අඳුරු සෙවනැල්ලක් මෙන් අහිංසාගේ ගැටලුව වරින්වර මතු වෙයි.

Directed by

Rohan Perera

Written by

Rohan Perera

Reviews

  • 2.7/5
4 Fan Ratings
  • Kavindya_sewwandi 17 January 2018

    The best school movie I have watched in Sri Lanka.this is so lovely.the way anuththara and ahinsa..two of they love is so lovely .just a simple love story but it's so beautiful.I love it very much.and this story gives a big advice to girls that how to be safe from some type of people and how to work with them.

  • Dimuthu 11 January 2018

    Amusing... Not great story. But loved it..

  • Kamal 06 January 2018

    Boring ...

  • Lakshan 31 December 2017

    The best story. I like it