Weli Pawuru

Weli Pawuru

Available Theaters

  • Drama
0.0/5
  • Rate Now !

හිරු නොබසින අධිරාජ්‍යයේ සිට මෙරටට පැමිණි සුරූපිණියකි. ඇගේ නම මෙලීෂාය. ශ්‍රී ලාංකික තරුණියකු වූ ඇය හැදී වැඩුණේ එංගලන්තයේය. මෙලීෂා මෙලෙස ලංකාවට පැමිණෙන්නේ ඇගේ පර්යේෂණ කටයුත්තක් හේතුවෙනි. ඒ මෙරට පවතින වැඩහිටි නිවාස පිළිබඳවය.

මෙලීෂා හා හා පුරා කියා එවන් වූ ස්ථානයකට පැමිණෙයි. එතැන සිටින වැඩිහිටියන් පිළිබඳ ඇය මහත් සංවේගයකට පත්වේ. ඔවුන් සමඟ කතාබස් කරන මෙලීෂා තම පර්යේෂණයට අවශ්‍ය දත්ත සපයා ගනියි. වැඩිහිටි නිවාසයේ හුදකලා වූ තැනැත්තෙකි. ඔහු සිසිරය. කා සමඟවත් වැඩිපුර කතාවට නොයන සිසිර කල්පනා කරමින් දිවි ගෙවන්නෙකි. මෙලීෂාට ඔහුව හමුවීමට සිත් විය. එහෙත් එතැන පාලිකාව ඊට කැමැති වූයේ නැත.

එහෙත් ඇයට එකඟ නොවන මෙලීෂා සිසිරව හමුවන්නේ තවත් මොනවා හෝ දත්තයන් එකතු කර ගැනීමේ අභිලාෂයෙනි. ඇය සිසිර ළඟට යත්ම ඇයට මොකක්දෝ වෙනසක් දැනිණ. ඒ මොකක්දැයි පැවසීමට මෙලීෂාට හැකියාවක් නොවීය.

ඒ සියලු දේ යටපත් කොට ඇය සිසිර අසල වාඩි ගනියි. බලවත් වූ පෙරැත්තයකින් අනතුරුව සිසිර හඬ අවදි කරන්නට පටන් ගත්තේය. මෙලීෂා සාවධානව ඔහුට ඇහුම්කන් දුන්නාය. සිසිරගේ කතාවේ අවසානයට ළඟා විය. මෙලීෂා හුන් තැනින් නැගිට්ටාය. ඒ අවසානය තමන්ගේ ජීවිතයට ද බලපෑමක් ඇති කරන්නට පුළුවන් වූ එකක් බැවිනි.

Directed by

Sunil Premarathna

Written by

Sunil Premarathna

Cast

  • Mahendra Perera [ Sisira Ekanayake ]

  • Dilhani Ekanayake [ Piyumi Ekanayake ]

  • Kumara Thirimadura [ Actor ]

  • Gayathri Dias [ Actress ]

  • Hemasiri Liyanage [ Actor ]

  • Surya Dayaruwan [ Actor ]

  • Tharuka Wanniarachchi [ Melisha ]

  • Buwani Chapa Diyalagoda [ Actress ]

  • Dhananji Tharuka [ Actress ]

  • Harith Wasala [ Actor ]

  • Charith Senanayake [ Actor ]

  • Ryan Van Rooyen [ Actor ]

  • Kumara Wanduressa [ Actor ]

  • Nilangani Perera [ Actress ]

  • Jayantha Galagedara [ Actor ]

  • Priyanthi Mangalika [ Actress ]

TakTikBook SpiderMan Far From Home Movie Tickets