Goree

Available Theaters

  • 1 hr 30 mins
  • Action / Drama
0.5/5
  • Rate Now !

හිරාන් යනු පොලිස්සියේ ඉහල නිලයක් දරන පොලිස් නිලදාරියෙකු වන අතර ඔහු නීතිය අකුරටම ක්‍රියාත්මක කරන අයෙකි. ඔහුට ලැබෙන ඔත්තුවක් සමග හෙරොයින් ලොරියක් සමග පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඔහු කටයුතු කරයි නමුත් එයට බලපෑම් කිරීමට අමාත්‍යය වරයෙකුවන ඩොනල්ඩ් නැමැත්තාගේ බාල පුත් ඩෙස්මන් මැදිහත් වෙයි. කෙසේ වෙතත් හිරාන් නිතිය අකුරට ක්‍රියාත්මක කරන්නට සැරසෙයි, ඩෙස්මන් එයට පලිගැනීමක් ලෙස හිරාන්ගේ බිරිදව ඝාතනය කර හිරාන්ගේද අතක් කපා දමයි. එයින් මිදෙන්නේ හිරාන්ගේ කුඩා දියණිය පමණයි. එත් සමග වසර කීපයකට පසු දර්ශන දර්ශනය වෙයි... අදීෂ නැමති රැවුල් කොන්ඩ වවා ගත් තරුණයෙකු හා ශෙනායා නැමති අවුරුදු හතරක පමණ කුඩා දියණියක් සුන්දර ගමක නිවසක පදිංචියට පැමිණෙයි. එයට උදව් කරනුයේ සිල්වා නැමති අදීෂගේ මිතුරාය. ශෙනායා එම ගමේ පෙර පාසලකට ඇතුලත් වෙයි එහි සිටින ගුරුවරිය ශෙනායා වැඩි අවදානයක් යොමු කරන අතර අදීෂ වැඩ සමීපව ඇසුරු කරයි. එක් අවස්ථාවක ගමේ සිටින දාමරිකයින් කීපදෙනෙකු සමග ශෙනායා නිසාවෙන් ගුරුවරිය රන්ඩුවකට පැටලෙයි, නමුත් අදීෂ එසේ නොකරන ලෙසද ආයාචානා කරයි. කෙසේ හෝ එම රන්ඩුව දුරදිග යාමත් සමග ගුරුවරිය පොලිස්සියේ පැමිණිල්ලක් දමයි. එයට අකමැතිවන අදීෂ එය ඉවත් කරගන්නා ලෙසට ගුරුවරියට බලපෑම් කරයි. පැමිණිල්ල ඉවත්කර ගැනීමෙන් පසු නිවෙස් වලට යාමට දෙදෙනා පිටත් වෙයි. ගුරුවරිය අදීෂව සැක කරන අතර ඇය අදීෂව ලුහුබදින්නට වෙයි. එක්වරම මගදී හමුවන ගමේ දාමරික පිරිස විසින් අදිෂව පැහැර ගනියි එය දකින ගුරුවරිය එය ලුහුබදියි දාමරිකයන් රහස් ස්ථානයකදී අදිෂට වෙඩි තැබීමට සැරසෙන අතර අදීෂ එහි සිටින සියලු දෙනාවම ඝාතනය කර දමයි. ගුරුවරිය සියල්ල බලා සිටින අතර ඇය අදීෂ ඉදිරියට පැමිණෙයි, එත් සමග අතීතාවර්ජනයක් ආරම්භ වෙයි.

අදීෂ ඒ වන විට පොලිස් නිලධාරියෙකි. ඔහු තරුණියකට ආදරය කරන්නට වෙයි, එම තරුණියගේ අයියා දෑතක් අහිමිව දිවි ගෙවන හිරාන් වන අතර හිරාන්ගේ දියණිය ශෙනායා වෙයි. කෙසේ හෝ හිරාන් පොලිස් නිලධාරියෙකු වන අදීෂ හා ඔහුගේ නැගණියගේ විවාහයට කැමැත්ත පළකරයි. ඔවුන් දෙදෙනා විවහා වී සතුටින් කාලය ගත කරන සමයේ අදීෂට විශේෂ රාජකාරියක් පැවරෙයි. එක් වරම තරුණියක් අතුරුදහන් වී අති අතර ඇය සෙවීමට අදීෂ කටයුතු කරයි. කෙසේ හෝ අමාත්‍යය ඩොනල්ඩ්ගේ බාල පුත් ඩෙස්මන්ඩ් මෙයට සම්බන්ධ බවට සාක්ෂි හමු වන අතර එම තරුණියද මියයයි. එයින් කෝපයට පත්වන අදීෂ ඩෙස්මන්ඩ්ව අත්අඩංගුවට ගැනීමට සැරසෙයි. එහිදී ඩොනල්ඩ් පවසනුයේ හැකිනම් අත්අඩංගුවට ගන්නා ලෙසයි. එයට අදීෂ කම්පනයට පත් වෙයි කෙසේ හෝ ඩෙස්මන් මිය යයි. ඔහුගේ මරණය අභිරහසක් වන අතර ඩොනල්ඩ් හා ඔහුගේ වැඩිමහල් පුත් ක්‍රිස්ටෝ විසින් අදීෂව සැක කර අදීෂගේ බිරිදව මාරා ශෙනායා මැරීමට තැත් කරයි. නමුත් අදීෂගේ මැදිහත් වීමෙන් කුඩා ශෙනායාගේ දිවි බේරා ගැනීමට අදීෂට හැකි වෙයි. ඉන්පසු අදීෂ ශෙනායාවද රැගෙන ගමේ පදිංචියට පැමිණි බව ප්‍රේක්ෂකයාට අතීතාවර්ජනය හරහා පැවසෙයි. ගුරුවරියද සියල්ල අවබෝධ කර ගනියි. ඉන්පසූ අදීෂ නිවස දෙසට යන විට සිල්වාට වෙඩි තබා ඇති අතර ඔහු පවසනුයේ ශෙනායාව ඩොනල්ඩ් හා ක්‍රිස්ටෝගේ පිරිස පැහැර ගෙන ගිය බවයි.

අදීෂට ශෙනායාව බේර ගැනීමට හැකි වෙයිද?

ඩේස්මන්ව ඝාතනය කරේ අදීෂද, හිරාන්ද?

ඩොනල්ඩ් හා ක්‍රිස්ටෝට ආවසානයේ කුමක් සිදු වෙයිද?

මේ සියල්ලටම පිළිතුරු සිනමාපටය අවසානයේ ප්‍රේක්ෂකයින්ට ලැබෙන අතර, ආදරය, කුතුහලය, වීරත්වය විදහාපාන එකිනෙකට වෙනස් සිද්ධි දාමයක් තුල 'ගෝරි' කතාන්දරය ප්‍රේක්ෂකයින්ට වෙනස් සිනමා ආස්වාදයක් ලබා දෙයි.

Directed by

Harsha Udakanda

Written by

Harsha Udakanda, Kalum Aryan

Cast

  • Kelum Kularathne [ Actor ]

  • Roshan Ranawana [ Actor ]

  • Sriyantha Mendis [ Actor ]

  • Teena Shanell Fernando [ Actress ]

  • Vinu Udhani Siriwardena [ Actress ]

  • Rajitha Hiran Chamikara [ Actor ]

  • Pahandi Nethara [ Actress ]

  • Amila Karunanayake [ Actor ]

  • Kumara Ranapura [ Actor ]

  • D.B. Gangodathenna [ Actor ]

  • Pubudu Chathuranga [ Actor ]

Reviews

  • 0.5/5
1 Fan Ratings
  • Sahan Rashmika 08 June 2019

    boring

Tak Tik Book DFCC Credit Card Offer